දේශීය

තම මියගිය පුතුගේ හදවතේ ස්වරය අසන අම්මා

දරුවෙකුගේ වෙන්වීම මවකට කිසිදා දරා ගැනීමට හැකි දෙයක් නොවේ. දුක හා සතුට දෙකම මිශ්‍ර වූ මෙම සිදුවීම වාර්තා වන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙන්. 2013 වසරේදී එවකට වයස මාස 7ක් පමණක් වූ ලූකස් නම් කුඩා පිරිමි දරුවාගේ මිය යෑම සිදුවුනා.

මෙම දරුවාගේ මරණය හිතාමතා එම දරුවා රැක බලාගැනීමට පැමිණි පුද්ගලයෙකු (babysitter) විසින් සිදුකරන ලද ඝාතනයක් ලෙසයි වාර්තා වී තිබුනේ.

දරුවාගේ වෙන්වීමෙන් පසුව ඔහුගේ මව වන Heather Clark ලූකස්ගේ අවයව වලින් ප්‍රධානය කල හැකි අවයව අවශ්‍ය දරුවන් වෙත ලබා දීමට අත්සන් කරනු ලැබුවා.

මේ අනුව ලූකස් දරුවාගේ හදවත එවකට මාස 18ක් පමණක් වූ Jordan Drake නම් දැරියට බද්ධ කිරීමටයි වෛද්‍යවරුන් තීරණය කලේ.

මෙම සිදුවීමෙන් වසර 4කට පසුව එනම් 2017 වසරේදී Heather ඇරිසෝනාවේ Phoenix ළමා රෝහල වෙත පැමිණියා. ඒ වෛද්‍යවරුන්ගේ ආරාධනයෙන්. එහිදී ඇයට හමුවනව වයස අවුරුදු 4ක් වූ Jordan හා ඇගේ මවව. මෙම හමුවේදී Heather හට Lucasගේ හදවතේ ශබ්දය ඇසීමට හැකියාව ලැබුනා.

ඔබ මේ ඡායාරූපයේ දකින්නේ එම අවස්ථාවයි.

වෛද්‍යවරුන් Heather හට Jordanගෙන් ඇසෙන Lucasගේ හදවතේ ශබ්දය පටිගත කර Teddy bear කෙනෙකු තුල එය තැන්පත් කර එය ඕණම අවස්ථාවක ඇසිය හැකි ආකාරයට සකස්කර දී තිබුනා. කෙසේ නමුත් මෙම හමුව ඉතාමත් සංවේදී අවස්ථාවක් වූ අතර එයින් පසුව Heather, Jordan වෙනුවෙන් බොහෝ දේ සිදුකල බවත් ඇයව නිතර බැලීමට පැමිණි බවත් වාර්තා වනවා.

තම පුත්‍රයා මියගියද ඔහුගේ හදවතින් තවත් කුඩා දැරියකට ජීවිතය ලැබීම ඇයට විශාල සතුටක් ගෙනදුන් කාරණයක් බව ඇය මාධ්‍යයට සදහන් කර තිබෙනවා.

සටහන මනුජිත් අබේරත්න

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

12 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

12 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago