Friday, April 17, 2026
Homeදේශීයමඟ තොටේදී අනන්‍යතාවය තහවුරු කරන්න - ශ්‍රී ලංකා පොලිසිය

මඟ තොටේදී අනන්‍යතාවය තහවුරු කරන්න – ශ්‍රී ලංකා පොලිසිය

නිසි ආකාරයෙන් අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිවීම නිසා සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුව ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

ගෙවුණු 12 වන දා තලංගම ඩිපෝව අසළදී පොලිසිය විසින් සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදුවූයේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු එම පුද්ගලයා සතුව නොමැතිවීම නිසා බව පොලිසිය පවසනවා.

එහිදි ඔහු සතුව ජාතික හැදුනුම්පතක් හෝ අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිදු ලේඛනයක් නොතිබුණු බවත් ඔහු සේවය කරන නිවසේ හිමිකාර කාන්තාව පැමිණ ඔහුගේ අනන්‍යතාව තහවුරු කළ පසු ඔහු නිදහස් කළ බවත් මෙහිදි පොලිසිය වැඩිදුරටත් නිවේදනය කරනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් රාත්‍රී කාලයේදී ගැවෙසෙමින් විවිධ අපරාධ කටයුතු වල නිරත වන බැවින් එම පුද්ගලයන සොයා පොලිසිය විසින් සිදු කරනු ලබන පරීක්ෂණ අතරතුරදී සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීමට දෛනිකව සිදු වන නිසා නීතිය රටේ හා සාමය ආරක්ෂා කීරලීම සඳහා අනන්‍යතාවය තහවුරු කළ හැකි නිත්‍යානුකූල ලියවිල්ලක් තමා සතුව තබා ගන්නා ලෙස පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්