දේශීය

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර යුධ පිටියක් වූ හැටි

  • පැන ගිය රැඳවූවන් 35ක් යළි භාර වෙති
  • 33ක් සොයා මෙහෙයුම්
  • 211ක් පොලිස් භාරයට
  • වාහන 4ක් ඇතුළු රජයේ දේපොළට දැඩි හානි
  • රැඳවූවන් 5කට හා සෙබළෙක් රෝහලේ
  • කඳවුරේ හමුදාව සතු මුදල් හා බඩු භාණ්ඩ රැසක් සොරාගෙන

මෙසේ පැන ගිය තවත් 33 දෙනෙකු සොයා යුද හමුදා සහ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පැවසූ ඒ මහතා, එම කඳවුරේ රැඳවූවන් 547ක් සිටි බවත් මේ විට ඉන් 514 ක් සිටින බවත් කීවේය. මේ පිරිසගෙන් 208 දෙනකු සේනපුර කඳවුරට යැවූ බවත් තවත් 80ක් කන්දකාඩු කඳවුරේ සිටින බවත් කීවේය.

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවූවන් 35 දෙනකු අවස්ථා 2 කදී පොලිස් මාර්ග බාධකවලට බාර වී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බිග්‍රේඩියර් රවී හේරත් දිනමිණට ඊයේ (07) පැවසීය.

එමෙන්ම 211 දෙනකු විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියට බාර දී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 7 වෙනිදා රාත්‍රියේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමතයට කි‍රිමට මැදිහත් වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයයේ හමුදා නිලධාරීන් පිරිසක් අතර එම රැඳවියන් සමග හටගත් ගැටුමක් දුරදිග යෑමෙන් පුනරුත්ථාපනය ලබන රැඳවියන් එම කඳවුරේ වාහන හතරක්, ඇතුළු රජයේ දේපළවලට දැඩි හානිසිදුකර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

කලහකාරී ලෙස හැසිරුණු පුනරුත්ථාපන රැඳවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාව කඩා ඇති අතර, කඳවුරේ හමුදාව සතුව තිබූ මුදල් මෙන්ම බඩු භාණ්ඩ රැසක් ඔවුන් විසින් රැගෙන ඇති බවද පුනරුත්ථාපන කඳවුරේ යුද හමුදා නිලධාරියෙකු අප සමඟ කීවේය.

රැඳවූවන් පහරදීම හේතුවෙන් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට අයත් බස් රථයක් සහ තවත් සෙසු වාහන හතරකට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් රැඳවූවන් සහ යුද හමුදාව භාවිතා කළ රූපවාහිනි, ශීතකරණ, ඇඳන් මෙන්ම බඩු භාණ්ඩ රැසකට ද ඔවුන් විසින් අලාභ හානි සිදු කර ඇති බවත් එම භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බව ද දර්ශන හෙට්ටිආරච්චි මහතා අප කළ විමසීමකදී පැවසීය.

පුනරුත්ථාපන කඳවුරේ රැඳවූවන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමෙන් අනතුරුව එහි එක් කණ්ඩායමක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති අතර, තවත් 256 දෙනෙකුට ආසන්න කණ්ඩායම‍යක් මධ්‍යස්ථානයේ ගොඩනැගිලි තුළ රැඳී සිටින බවද දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව අධිකරණ නියෝග මත වසරක පුනරුත්ථාපන කාලසීමාවක් සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කරන අතර, එහි මාස හයක කාලයක් උපදේශන වැඩසටහන්වලට ඔවුන් යොමු කරන අතර, අනෙක් මාස හය සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට විවිධ වෘත්තීය කටයුතු පුහුණු වීම සඳහා රැඳවූවන්ට අවස්ථාව දීමට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය කටයුතු කර දී තිබේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා පොලිසිය එම ස්ථානයට කැඳවා තිබුණ ද ඔවුන්ට කඳවුරු තුළට යෑමට ඉඩ නොදීම නිසා තත්ත්වය පාලනය කිරීමට අසීරු බවද පොලොන්නරුව පොලිසියේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද එහි සිටි හමුදා නිලධාරියකුගෙන් බාධා එල්ල වූ අතර, මෙම තත්ත්වයත් සමඟ යුද හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය වාර්තා කිරීමට බාධා එල්ල විය. මේ සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ කඳවුරේ රැඳවූවන් පිරිසක් යුද හමුදාවට අයත් බඩු භාණ්ඩවලට හානි සිදු කිරීම නිසා ඇතැම් යුද හමුදාවේ නිලධාරින්ගෙන් මාධ්‍යයට යම් යම් අපහසුකම් සිදු වන්නට ඇති බවයි.

හත්වෙනිදා සවස තුන වන විටත් තත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත මනම්පිටිය, වැලිකන්ද, පුලස්තිපුර, අරලගංවිල, හිඟුරක්ගොඩ, ලංකාපුර ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් කැඳවා තිබූ අතර, යුද හමුදාව මෙන්ම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විශාල පිරිසක් මෙම තත්ත්වය පාලනය කිරීමට පැමිණ සිටින ආකාරයක් එහිදී අපට දක්නට ලැබිණි.

ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවලින් මෑතකදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන ආ දෙපිරිසක් දිය නෑමට ගිය අවස්ථාවේදී බාල්දියක් පිළිබඳ ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ගැටුම් වර්ධනය වී ඇති බව පොලිසිය හා හමුදාව සැක පළ කරයි.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පැමිණි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙලෙස කීවේය.

පුනරුත්ථාපනලාභීන් දෙදෙනෙක් අතර ප්‍රශ්නයක් ඇති වී තියෙනවා. ඒ ප්‍රශ්නය සමථයකට පත් කරන්න හමුදාවේ කීපදෙනෙක් ගිය අවස්ථාවේදී එක් කණ්ඩායමක් අප කාර්ය මණ්ඩලයට පහර දී හමුදාවේ ඇඳුම්වලට හානි කර තිබෙනවා.

ඒ සිද්ධියෙන් පස්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. එහිදී රැඳවූවන් පස්දෙනෙක් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළා. ඊට අමතරව කාර්ය මණ්ඩලයේ එක් අයෙක් තුවාල ලැබුවා. එයත් පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ ගැටුමෙන් පුනරුත්ථාපන කඳවුරේ දේපොළවලට හානි වී තිබෙනවා. මේ ගැටුමත් එක්ක පලා ගිය දොළොස්දෙනෙක් දැනට අපි භාරයට අරගෙන තියෙනවා. තවත් පිරිසක් ඒ අයට ගහයි කියලා කඳවුරු තුළම හැංගිලා ඉඳලා තිබෙනවා. ගැටුමට සම්බන්ධ කණ්ඩායමක් සේනපුර පුනරුත්ථාපන කඳවුරට යවලා තිබෙනවා. අනිත් අය කලහකාරී ලෙස පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ රැඳී සිටිනවා. ඔවුන් පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට අපි කටයුතු කරනවා.

සිරිපුර මදුශානි අබේසිංහ,

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

4 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago