මෙරට රෝහල් තුළ අවශ්‍යකරන ඖෂධ සහ උපකරණ හිගවීම නිසා සමස්ත රෝහල් පද්ධතියම විශාල අර්බුදයක් දක්වා ගමන්කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍යකරන ඖෂධ හිගව තිබියදීම සායන සඳහා පැමිණෙන රෝගීන් සඳහා අවශ්‍යකරන ඖෂධ හිගවූ බව පවසන වෛද්‍යවරුන්ගේ සංගමය මේ වන විට භාහිර රෝගීන් සඳහා අවශ්‍යකරන ඖෂධ ද රෝහල් තුළ හිගවී ඇති බව පෙන්වා දෙනවා.
මෙතෙක් නිසි විසඳුම් නොලැබීම නිසා තවදුරටත් ඖෂධ හිගය උඩුදුවන බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
උදාහරණයක් ලෙස අපේක්ෂා රෝහලේ පවතින ඖෂධ හිගය, ලේ බැංකුව පවතින හිගය, රිජ්වේ ළමා රෝහලේ ඖෂධ හිගය, කොළඹ සහ නගරාසන්න රෝහල් තුළ පවා මේ වන විට පවතින ඖෂධ සේලයින් සහ අනෙකුත් උපකරණ හිගය ආදී පුවත් වාර්තාවීම් ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙහිදී පෙන්වාදෙන ලැබුවා.
රට තුළ මෙලෙස විශාල අර්බුදයක් තිබෙනවා යන්න සහ රට බංකොලොත්ව ඇති බව පිළිගෙන මෙම ගැටළු සඳහා ඇත්ත පිළිතුරු ලබාදිය යුතු බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
ඉහළ නිලධාරි තන්ත්‍රයේ තිබෙන අකාර්යක්ෂමතාවය සහ ආකල්පමය දුර්වලතාව රෝහල් පද්ධතිය තුළ මෙලෙස ගැටළු නිර්මාණය වීමට හේතුවී ඇති බව සංගමය ප්‍රකාශ කරනවා.
මිනිසුන්ගේ ජීවිත සමඟ කරන ගණුදෙනුවක් යැයි සිතන ආකල්පමය වෙනස ඉහළ නිලධාරි තන්ත්‍රය තුළ ඇතිවිය යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
රෝහල් පද්ධතිය තුළ මෙලෙස අර්බුදයන් නිර්මාණය වීම සඳහා වංචා, දූෂණ අක්‍රමතා සහ ඖෂධ මාෆියාවන් වැනි තත්වයන් ද හේතුවූ බව ඔවුන් ප්‍රකාශ කරනවා. කෙතරම් පැමිණිලි කළත්, නඩුමගට ගියත් සිදුවෙන වංචා දූෂණ සඳහා කිසිදු රජයක් මෙතෙක් පියවර නොගත් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී අවධාරණය කර සිටියා.
රෝහල් තුළ මේ වනටිට උද්ගතව ඇති ගැටළුවේ සැබෑ තත්වය හා බරපතළකම තෙරුම්ගෙන යාථාර්තවාදී පිළිතුරක් ඉක්මනින් ලබාදිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
( වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ රුපවාහිනී නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි. .)
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…