Sunday, September 27, 2026
Homeදේශීයපළපුරුදු ධීවරයන්ට කොරියාවෙන් රැකියා ලබාදීමට යයි

පළපුරුදු ධීවරයන්ට කොරියාවෙන් රැකියා ලබාදීමට යයි

මෙරට ධීවර කර්මාන්තයේ නියැලෙන පළපුරුදු සහිත ශ්‍රමිකයන්ට කොරියාවේ රැකියා අවස්ථා විවර කරදීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ දකුණු කොරියාවේ සමූපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Teak අතර සාකච්ඡාවක් අද (04) පවත්වා තිබෙනවා.

දැනට කොරියානු ධීවර රැකියා සඳහා ලබා දෙන ඊ 9 වීසා කාණ්ඩයට අමතරව ඊ 7 සහ ඊ 10 වීසා කාණ්ඩයද යොදාගනිමින් මෙරටින් කොරියාවට යවන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහළ නැන්වීමට සහ ධීවර රැකියා සඳහා කොරියාවට දෙවරක් ගොස් පැමිණි අයට ද නැවත වරක් රැකියා අවස්ථා ලබාදීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබෙනවා.

ඒ පිළිබඳව ඉදිරි කටයුතු සොයා බැලීම සඳහා සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවසර ලබා දී ඇති අතර ශ්‍රී ලංකාව සහ කොරියානු රජය අතර ධීවර රැකියා ලබාදීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බව වාර්තා වනවා.

READ:   ඥානසාර හාමුදුරුවන් බැන්‌නේ උන් වහන්සේටයි.....
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්