
වඳුරු උණ (මන්කිපොක්ස්) යනු තවත් වෛරස් පවුලට අයත් වන යම් මට්ටමකට දරුණු බව සහ ආසාදනය වීමේ සීඝ්‍රතාවය අඩු වෛරස් රෝගයකි.
මෑතකාලයක නයිජීරියාවේ සංචාරයකට ගොස් නැවත එංගලන්තයට පැමිණි පුද්ගලයෙකුට වඳුරු උණ රෝගය වැළඳී ඇති බවට සනාත වූ අතර විශේෂයෙන් බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමිය ප්‍රදේශ සහ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ වල වඳුරු උණ රෝගය ආරම්භ වී ඇති බවට සැලකේ.
බොහෝ විට මෙම රෝගය කැසීමත් සමඟ සම මතුපිට කුඩා බිබිලි ඇතිවීමෙන් ආරම්භ වී පසුව අත් පා හරහා ව්‍යාප්තව තුවාළ කැළැල් දක්වා අවධීන් කිහිපයක් ගමන්කර දින 14 සිට 21 දක්වා පවතින ස්වයං ව පහව යන වෛරස් රෝගයකි. මෙතෙක් මෙරටට දී වඳුරු උණ රෝගය ආසාදිතයකු හඳුනා නොගත් අතර, වඳුරු උණ (මන්කිපොක්ස්) රෝගය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකික පුද්ගලයා හඳුනාගත් බව අද වාර්තා කර තිබුණා.
ඒ හේතුවෙන් මන්කිපොක්ස් රෝගය ඇතිවීම සහ ව්‍යාප්තිය සිදුවන ආකාරය නිවැරදිව හඳුනාගැනීම වඩාත් වැදගත් වෙනවා.
වඳුරු උණ රෝගයේ රෝග ලක්ෂණ සහ රෝග ව්‍යාප්තිය සිදුවන ආකාරය පහත ආකාරයට දැක්විය හැකියි.

ප්‍රතිකාර මොනවාද?
වඳුරු උණ උවදුරට නිශ්චිත ප්‍රතිකාරයක් නැති නමුත් ආසාදනය වැළැක්වීම මගින් රෝගය පැතිරීම පාලනය කර ගත හැකිය. එමෙන්ම වසූරි එන්නත වඳුරු උණ උවදුර වැළැක්වීම සඳහා 85%ක් ඵලදායී වන බව සනාතවී ඇති අතර එම ප්‍රතිකාර සමහර අවස්ථාවල භාවිතා කරයි.
බිය විය යුතුද?
විශේෂයෙන් වඳුරු උණ වෛරසය බහුලව පැතිරයෑමක් සිදු නොවන අතර එම නිසා මෙම රෝගයෙන් සමස්ත ජනතාවට ඇති අවදානම යම් මට්ටමකට අඩු බවයි රෝග විශේෂඥයින් පවසන්නේ.


