දේශීය

නවසීලන්ත කණ්ඩායමට ලකුණු 65 ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තරඟය ලකුණු 65 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 167 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Glenn Phillips ලකුණු 104 ක් පන්දු 64 කදී රැස් කර ගත්තා.

තරඟය ජයග්‍රහණය සඳහෑ ලකුණු 168 ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට 19 වන පන්දුවාරය වන විට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 102 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී දසුන් ශානක ලකුණු 35 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 34 ක් ලබා ගත්තා.

ඒ අනුව තරඟය ලකුණු 65 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago