Wednesday, June 10, 2026
Homeක්‍රීඩානවසීලන්ත කණ්ඩායමට ලකුණු 65 ක ජයක්

නවසීලන්ත කණ්ඩායමට ලකුණු 65 ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තරඟය ලකුණු 65 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 167 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Glenn Phillips ලකුණු 104 ක් පන්දු 64 කදී රැස් කර ගත්තා.

තරඟය ජයග්‍රහණය සඳහෑ ලකුණු 168 ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට 19 වන පන්දුවාරය වන විට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 102 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී දසුන් ශානක ලකුණු 35 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 34 ක් ලබා ගත්තා.

ඒ අනුව තරඟය ලකුණු 65 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

READ:   ඡන්දය කැඳවීමේදී වරප්‍රසාද කඩවෙලාද හොයන්න කාරක සභාවක්: යෝජනාව හෙට පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්