දේශීය

ගරා වැටුණු බෙල්වුඩය නව ජවයකින් යළි පෙරට

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ප්‍රින්ස් උදයප්‍රියන්ත, විජේබණ්ඩාර වැලිතුඩුව,චන්දන ලියනාරච්චි, ජයන්ත දිසානායක, චන්ද්‍රලේකා පෙරේරා වැනි ප්‍රවීණ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් බිහිකළ ජාතික තරුණ සේවා සභාවේ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය එවකට කලා කෙතට විශිෂ්ටයින් බිහිකරන අග්‍රගන්‍ය කලා නිකේතනයක් ව ඉහළින්ම වැජඹුණි.

ෂර්ලි වෛජයන්ත,නිහාල් ගම්හේවා වැනි දක්ෂ සංගීතඥයින් බොහෝ පිරිසකගේ උපදේශකත්වයෙන් හා මගපෙන්වීමෙන් බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් බිහි වූ  “සැළලිහිණියෝ” කාන්තා සංගීත කණ්ඩායම හා “යොවුන් ගී” සංගීත කණ්ඩායම මෙන්ම දක්ෂ නර්තන හැකියාවෙන් සමන්විත නර්තන කණ්ඩායම් එවකට දිවයින පුරා ප්‍රසංග විශාල ප්‍රමාණයකට සහභාගී වී ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටි කණ්ඩායම් බවට පත්ව තිබුණි.

එවකට බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ 400 ට ආසන්න තරුණ තරුණියන් රැසක් සංගීත හා නර්තන හැකියාවන් ප්‍රගුණ කරමින් ලාංකේය කලා කෙත අස්වද්දන්නට තම කුසළතා ප්‍රගුණ කළේය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම කලා නිකේතනය යම් පසුබෑමකට ලක් වී ඇත. 
එහි නිරීක්ෂණය චාරිකාවකට තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගී වූ අතර ඔහු පැවසූවේ
අද දින හදිසි  නිරීක්ෂණයට එහි ගිය මා දුටුවේ එකල අභිමානවත් අයුරින් වැජඹුණු බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ගරා වැටීමට ආසන්න පරිශ්‍රයක් ලෙසයි. බොහෝ වටිනා සම්පත් විනාශ මුඛයට ඇද වැටෙමින් තිබෙනවා දැකීම හදවත කම්පා කරන දර්ශණයක් . දැනට අධ්‍යාපනය ලබන අධිෂ්ඨානශීලී තරුණ දරු දැරියන් පිරිසක් සහ අලුතින් පත්කර යැවූ ස්ථානය භාර නිලධාරීනිය සුධර්මා හේමමාලා කැටකුඹුර මහත්මිය සමග එහි උපදේශක කණ්ඩායම බොහෝ කැපකිරීම් කරමින් සෞන්දර්ය නිකේතනය නැවත ගොඩනැගීමට දරන උත්සාහය මම දුටිමි.

එහි සියලුම අංශ කරා ගොස් ඒවාහි අඩුපාඩු එකින් එක සාකච්ඡා කරමින් ඉදිරියේ දී පෙර පැවතියාට වඩා හොද සෞන්දර්ය නිකේතනයක් බවට පත් කර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට තම කුසළතා වැඩි දියුණු කර ගැනීමට හැකි මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු සැළසුම් කෙරිණි.

දැනට එහි අධ්‍යාපනය ලබන තරුණ දරු දැරියන්ගේ අවශ්‍යතා හා ගුරු උපදේශක මණ්ඩලයේ අවශ්‍යතා, අඩුපාඩු විමසීමට අමතක නොකළෙමි. එහිදී ඔවුන් පෙන්වා දුන් ආහාර සපයා ගැනීමේ දුෂ්කරතා, ජල පෙරණයක් නොමැතිවීමෙන් පිරිසිදු ජලය නොමැති වීමේ අපහසුතාව, රාත්‍රි කාලයේ දී විදුලි ආලෝකය අඩු ස්ථාන පිළිබද කරුණු, අබලන්ව ඇති ප්‍රවාහන කටයුතු සදහා භාවිත කරන වාහනය සම්බන්ධයෙන්, ආයතනය මගින් නිකුත් කරණු ලබන සහතිකයේ පිළිගැනීම් සම්බන්ධව කරුණු, මුළුතැන්ගෙයි අබලන්ව ඇති ආකාරය, උදේ සවස සේවයට පැමිණෙන උපදේශකයින් මුහුණ දෙන ප්‍රවාහන දුෂ්කරතා, ආයතනය වෙත ප්‍රවේශ මාර්ගය අබලන්වීමෙන් මුහුණපාන අපහසුතා වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කළ මා එම මොහොතේදීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් පිළිතුරු ලබා දුනිමි.

මේ වන විටත් ආයතනය විසින් ලබා දෙනු ලබන ඩිප්ලෝමා සහතිකය වෙනුවට දැන් අධ්‍යාපනය ලබන සිසු කණ්ඩායමේ සිට NVQ සහතික නිකුත් කිරීමට කටයුතු කිරීම, ප්‍රවාහන කටයුතු සදහා නවීන වෑන් රථයක් සහ ඒ සදහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා දීම, පරිශ්‍රය තුළ විදුලි ආලෝකය ප්‍රමාණවත් පරිදි ලබාදීම, පිරිසිදු ජලය ලබා ගැනීමට ජල පෙරණයන් දෙකක් ස්තාපිත කිරීම, සේවයට පැමිණෙන උපදේශකයින් සදහා මහනුවර නගරයේ සිට පැමිණෙන බස් රථය ආයතනය වෙත ගෙන්වා ගැනීමට පියවර ගැනීම, අබලන්ව ඇති ප්‍රවේශ මාර්ගය පිළිසකර කිරීම, ආහාර ලබා ගැනීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීම වැනි පහසුකම් සති දෙකක් ඇතුලත ලබා දීමට කටයුතු කළෙමි යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ආයතනයේ පැවැත්ම වෙනුවෙන් අරමුදලක් සකස් කර පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබදව පැහැදිලිකර දුන් අමාත්‍යවරයා බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය වෙනුවෙන් අලුතෙන් අරමුදලක් ආරම්භ කිරීමට ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂයක මුදලක්ද ලබා දුන්නේය.  රුපියල් ලක්ෂයෙන් ආරම්භ කරන මෙම අරමුදල ඉදිරියේදි බෙල්වුඩයේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ විශාල අරමුදලක් බවට පත්වෙතැයි අපේක්ෂා කරන බවද ඔහු
පැවසීය.

ගරාවැටෙමින්, අක්‍රීය වෙමින් පැවති රටට මහත් සම්පතක් වූ අක්කර 50 ක භූමි පරිශ්‍රයකින් යුත් බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නවීන පහසුකම් වලින් යුත් විශාල තරුණ තරුණියන් ප්‍රමාණයකට සෞන්දර්ය කුසලතා ඔප් නංවා ගැනීමට සුදුසු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ජාතික තරුණසේවා සභාව සමගින් ඉදිරියේදී සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිත ය.

මෙම නිරීක්ෂණ කටයුත්ත සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා ද එක්විය.

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

1 week ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

1 week ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

1 week ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

1 week ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

2 weeks ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

2 weeks ago