ශාසන විරෝධි ලෙස කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලා පිළිබඳව නායක හිමිවරු දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ හික්ෂු නිකායේ නායක හිමිවරු දැනුවත් කිරීමටත් එමගින් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට යම් ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමත්‍යවරයා ප්‍රකාශ කරනවා.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඉදිරියේදී නායක හිමිවරුන්ගේ මගපෙන්වීම යටතේ බලතල සහිත පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර සිටියා.



