දේශීය

යල කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳුන්ට පූජා කරයි

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “සිරි දළදා යල් අස්වනු පූජාව” අද (ඔක්. 28) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය

. ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබන යල් අස්වනු පූජාව පැවැත්වූයේ 7 වෙනි වරටයි.

දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්‍ය සහ රන් වී කරල් රැගත් ගොවීන් උඩ මහල වෙත ගොස් දළදා සමිදුන් ඉදිරියේදී අලුත් සහල් පූජාව පවත්වන ලදී. දුරාතීතතයේ සිට පැවත එන යල් කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම සිහිපත් කරමින් මෙම යල් අස්වනු පූජාව පැවැත්වේ.

ශ්‍රී දළදා මාලිගාව මාධ්‍ය අංශය

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

4 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago