මෙරට H.I.V ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. H.I.V (ඒඩ්ස් රෝගීන්) වාර්තාවීම පසුගිය වසරවලට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවයි එතුමිය පෙන්වා දෙන්නේ.
වර්තාවන H.I.V රෝගීන් අතර වැඩි පිරිසක් අවුරුදු 18 සහ 30 අතර තරුණ වයසේ පසුවන පුද්ගලයින් වන බව වෛද්‍යවරිය ප්‍රකාශ කළා. මෙරට තරුණ පිරිස මෙවැනි රෝග තත්වයකට ලක්ව දීර්ඝකාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම, ඉතා කණගාටුදායක තත්වයක් බවයි එතුමිය පෙන්වා දෙන්නේ.
H.I.V වෛරස අසාදිතයන් අතර පාසැල් සහ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන ළමුන් සැලකියයුතු මට්ටමේ පිරිසක් වන බව වෛද්‍යවරිය පවසනවා. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීමේ අඩුව නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය සමඟ ඇතිවෙන ලිංගික හැගීම් පාලනය කරගැනීමට දරුවන් අසමත්වීම මෙවැනි බරපතල තත්වයන් ඇතිවීමට හේතුවක් බව එතුමිය ප්‍රකාශ කරනවා.
වාර්තාවන H.I.V රෝගීන්ගෙන් බහුතරයක් කොළඹ ප්‍රදේශය තුළින් වාර්තා වන බව එතුමිය ප්‍රකාශ කළා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU