මෙරට H.I.V ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. H.I.V (ඒඩ්ස් රෝගීන්) වාර්තාවීම පසුගිය වසරවලට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවයි එතුමිය පෙන්වා දෙන්නේ.
වර්තාවන H.I.V රෝගීන් අතර වැඩි පිරිසක් අවුරුදු 18 සහ 30 අතර තරුණ වයසේ පසුවන පුද්ගලයින් වන බව වෛද්‍යවරිය ප්‍රකාශ කළා. මෙරට තරුණ පිරිස මෙවැනි රෝග තත්වයකට ලක්ව දීර්ඝකාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම, ඉතා කණගාටුදායක තත්වයක් බවයි එතුමිය පෙන්වා දෙන්නේ.
H.I.V වෛරස අසාදිතයන් අතර පාසැල් සහ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන ළමුන් සැලකියයුතු මට්ටමේ පිරිසක් වන බව වෛද්‍යවරිය පවසනවා. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීමේ අඩුව නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය සමඟ ඇතිවෙන ලිංගික හැගීම් පාලනය කරගැනීමට දරුවන් අසමත්වීම මෙවැනි බරපතල තත්වයන් ඇතිවීමට හේතුවක් බව එතුමිය ප්‍රකාශ කරනවා.
වාර්තාවන H.I.V රෝගීන්ගෙන් බහුතරයක් කොළඹ ප්‍රදේශය තුළින් වාර්තා වන බව එතුමිය ප්‍රකාශ කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…