ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කෙරේ.
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.ඒ අනුව ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022ම ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ආහාර හුවමාරු මධ්‍යස්ථාන මඟින් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර, ප්‍රදේශයේ පිහිටුවා ඇති ආහාර බැංකුවලට ලබාගෙන එම ආහාර ප්‍රදේශයේ ආහාර ඌනතාවක් ඇති පවුල්වලට බෙදා දීම සිදු කෙරෙයි.
එමෙන්ම මෙම ආහාර හුවමාරු මධ්‍යස්ථාන හරහා තම අතිරික්ත ආහාර තවත් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර සමග හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර එමගින් ආහාර අපතේ යාම ද වළක්වා ගත හැකිය.තම ප්‍රදේශවල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාට සහ සෙසු ආගමික නායකයින්ට ඇති බැවින් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සෙසු පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.
දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා සැලසුම් අධ්‍යක්ෂවරු මෙම සාකච්ඡාවට එක් වූ අතර දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් සහ විධිවිධානවලට අමතරව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නව චක්‍රලේඛය අනුව ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සහ ඒවායේ සංවර්ධන සැලැස්ම සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…