දේශීය

කිරි පිටි මිළ අඩුනොකොළොත් ආයතන ටික වටලනවා – ස්වයං රැකියා කාන්තා සංවිධානය (VIDEO)

ගෑස් සිලින්ඩරයක මිළ අසාධාරණ ලෙස රුපියල් 5,800ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට යෑමේදී ලාෆ් ගෑස් ආයතනය විසින් එතනැට පොලිසිය කැඳවා තමන් මර්දනය කිරීමට කටයුතු කළ බව ජාතික ස්වයං රැකියා කාන්තා සංවිධානය පවසනවා.

ස්වයං රැකියා කරන පිරිසක් වශයෙන් එවැනි අධික මිළක් තමන්ට දරාගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට යෑමේදී එතැනට පොලිසිය ගෙනවිත් තමන් මර්දනය කිරීමට උත්සහගැනීම පිළිකුලෙන් යුතුව හෙලාදකින බව ඔවුන් ප්‍රකාශ කරනවා.

ගෑස් සිලින්ඩර ද රැගෙන ලාෆ් ගෑස් ආයතනයට යෑමෙන් අනතුරුව ගෑස් මිළ රුපියල් 500කින් අඩුකිරීමට ලාෆ් ගෑස් ආයතනය කටයුතු කළ ද, එලෙස අඩුකිරීමෙන් පසුවත් ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 5,300ක් වැනි අධික මිළක් වන බව මෙම සංවිධානය පවසනවා.

ජීවත්වීමට නොහැකි අමාරු කාලයකදී මේ ආකාරයට අසීමාන්තිකව මහදවල් පාරිභෝගික ජනතාව මංකොල්ල කෑමට මෙවැනි ආයතනයන් විසින් උත්සහගැනීම අතිශයින් ලැජ්ජසහගත කාරණයක් බව ඔවුන් පෙන්වා දෙනවා.

එලෙස උප්‍රක්‍රම යොදා අසාධාරණ ලෙස මර්දනය කිරීමට එරෙහිව එක්ව නැගී සිටින බවත් ගෑස් මිළ අඩු නොකොළහොත් නැවතත් ලාෆ් ගෑස් ආයතනය ඉදිරියට පැමිණීමට සූදානම් බවත් ස්වයං රැකියා පිළිබඳ කාන්තා සංවිධානය ප්‍රකාශ කළා.

මන්දපෝෂණය ඇති දරුවෙකුට කිරි උඟුරක් ලබාදීමට නොහැකි වන ආකාරයට කිරිපිටි සමාගම් විසින් අසීමාන්තිකව කිරි පිටි මිළ වැඩි කිරීමට එරෙහිව කිරිපිටි ආයතන ඉදිරියේ ද පෙළ ගැසීමට සූදානම් බව ස්වයං රැකියා පිළිබඳ කාන්තා සංවිධානය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago