දේශීය

කිරි පිටි මිළ අඩුනොකොළොත් ආයතන ටික වටලනවා – ස්වයං රැකියා කාන්තා සංවිධානය (VIDEO)

ගෑස් සිලින්ඩරයක මිළ අසාධාරණ ලෙස රුපියල් 5,800ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට යෑමේදී ලාෆ් ගෑස් ආයතනය විසින් එතනැට පොලිසිය කැඳවා තමන් මර්දනය කිරීමට කටයුතු කළ බව ජාතික ස්වයං රැකියා කාන්තා සංවිධානය පවසනවා.

ස්වයං රැකියා කරන පිරිසක් වශයෙන් එවැනි අධික මිළක් තමන්ට දරාගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට යෑමේදී එතැනට පොලිසිය ගෙනවිත් තමන් මර්දනය කිරීමට උත්සහගැනීම පිළිකුලෙන් යුතුව හෙලාදකින බව ඔවුන් ප්‍රකාශ කරනවා.

ගෑස් සිලින්ඩර ද රැගෙන ලාෆ් ගෑස් ආයතනයට යෑමෙන් අනතුරුව ගෑස් මිළ රුපියල් 500කින් අඩුකිරීමට ලාෆ් ගෑස් ආයතනය කටයුතු කළ ද, එලෙස අඩුකිරීමෙන් පසුවත් ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 5,300ක් වැනි අධික මිළක් වන බව මෙම සංවිධානය පවසනවා.

ජීවත්වීමට නොහැකි අමාරු කාලයකදී මේ ආකාරයට අසීමාන්තිකව මහදවල් පාරිභෝගික ජනතාව මංකොල්ල කෑමට මෙවැනි ආයතනයන් විසින් උත්සහගැනීම අතිශයින් ලැජ්ජසහගත කාරණයක් බව ඔවුන් පෙන්වා දෙනවා.

එලෙස උප්‍රක්‍රම යොදා අසාධාරණ ලෙස මර්දනය කිරීමට එරෙහිව එක්ව නැගී සිටින බවත් ගෑස් මිළ අඩු නොකොළහොත් නැවතත් ලාෆ් ගෑස් ආයතනය ඉදිරියට පැමිණීමට සූදානම් බවත් ස්වයං රැකියා පිළිබඳ කාන්තා සංවිධානය ප්‍රකාශ කළා.

මන්දපෝෂණය ඇති දරුවෙකුට කිරි උඟුරක් ලබාදීමට නොහැකි වන ආකාරයට කිරිපිටි සමාගම් විසින් අසීමාන්තිකව කිරි පිටි මිළ වැඩි කිරීමට එරෙහිව කිරිපිටි ආයතන ඉදිරියේ ද පෙළ ගැසීමට සූදානම් බව ස්වයං රැකියා පිළිබඳ කාන්තා සංවිධානය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

14 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago