ගෑස් සිලින්ඩරයක මිළ අසාධාරණ ලෙස රුපියල් 5,800ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට යෑමේදී ලාෆ් ගෑස් ආයතනය විසින් එතනැට පොලිසිය කැඳවා තමන් මර්දනය කිරීමට කටයුතු කළ බව ජාතික ස්වයං රැකියා කාන්තා සංවිධානය පවසනවා.
ස්වයං රැකියා කරන පිරිසක් වශයෙන් එවැනි අධික මිළක් තමන්ට දරාගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට යෑමේදී එතැනට පොලිසිය ගෙනවිත් තමන් මර්දනය කිරීමට උත්සහගැනීම පිළිකුලෙන් යුතුව හෙලාදකින බව ඔවුන් ප්‍රකාශ කරනවා.
ගෑස් සිලින්ඩර ද රැගෙන ලාෆ් ගෑස් ආයතනයට යෑමෙන් අනතුරුව ගෑස් මිළ රුපියල් 500කින් අඩුකිරීමට ලාෆ් ගෑස් ආයතනය කටයුතු කළ ද, එලෙස අඩුකිරීමෙන් පසුවත් ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 5,300ක් වැනි අධික මිළක් වන බව මෙම සංවිධානය පවසනවා.
ජීවත්වීමට නොහැකි අමාරු කාලයකදී මේ ආකාරයට අසීමාන්තිකව මහදවල් පාරිභෝගික ජනතාව මංකොල්ල කෑමට මෙවැනි ආයතනයන් විසින් උත්සහගැනීම අතිශයින් ලැජ්ජසහගත කාරණයක් බව ඔවුන් පෙන්වා දෙනවා.
එලෙස උප්‍රක්‍රම යොදා අසාධාරණ ලෙස මර්දනය කිරීමට එරෙහිව එක්ව නැගී සිටින බවත් ගෑස් මිළ අඩු නොකොළහොත් නැවතත් ලාෆ් ගෑස් ආයතනය ඉදිරියට පැමිණීමට සූදානම් බවත් ස්වයං රැකියා පිළිබඳ කාන්තා සංවිධානය ප්‍රකාශ කළා.
මන්දපෝෂණය ඇති දරුවෙකුට කිරි උඟුරක් ලබාදීමට නොහැකි වන ආකාරයට කිරිපිටි සමාගම් විසින් අසීමාන්තිකව කිරි පිටි මිළ වැඩි කිරීමට එරෙහිව කිරිපිටි ආයතන ඉදිරියේ ද පෙළ ගැසීමට සූදානම් බව ස්වයං රැකියා පිළිබඳ කාන්තා සංවිධානය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.


