දේශීය

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගීවෙන අවසන් සහ තීරණාත්මක තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ සුපිරි 12 වටයට පැමිණීමට නම් අද තරඟය ජය ගැනීම අනිවාර්ය වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය තරඟය අතරතුරදී අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ලෝක කුසලානයේ ඉදිරි තරඟයන් අහිමි වූ අතර ඒ වෙනුවට කසුන් රාජිත සංචිතයට කැඳවීමට නියමිතයි.

අද තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් තරඟය තව සුළු මොහොතකින් ( පෙ.ව 9.30ට ) ආරම්භ වෙනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago