විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ තීරණාත්මක තරඟයක් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (20) පැවැත්වුණා. තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් පන්දු 44 කදී රැස් කළා.
චරිත් හසලන්ක ලකුණු 30ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 19ක් වශයෙන් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්, ළහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරඟය ලකුණු 16 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර තරඟාවලියේ සුපිරි 12 වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව හිමිකරගත්තා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…