දේශීය

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරඟයේ ජය ශ්‍රී ලංකාවට

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවන තරඟය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ අද පැවැත්වුණා.

එහිදි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 152ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක පන්දු 60 කදී ලකුණු 74ක් වාර්තා කළා.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට Karthik Maiyappan සමත් වුණා.

ලකුණු 153ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 73ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3 ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් බැගින් ලබාගත්තා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය ලකුණු 79 කින් ජයග්‍රාහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

13 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

13 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago