දේශීය

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ හිස් තැන් ගැන ලසිත් මාලිංග කියයි

2022 ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරඟයෙන් පරාජයට පත්වීම පිළිබඳව ප්‍රවීණ ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග අදහස් පළ කර සිටියා.

නොහිතපු ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරඟයෙන් පරාජයට පත්වීම පිළිබඳව තමා මෙන්ම මෙරට සියලු දෙනා කණගාටුවට පත්වූවත් එවැනි අනපේක්ෂිත අවස්ථාවන්ට ක්‍රිකට් ක්‍රීඩාව තුළදී මුහුණ දීමට සිදුවන බව ලසිත් මාලිංග පවසනවා.

ශ්‍රි ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර පැවති පළමු තරඟය පිළිබඳව අදහස් දැක්වූ බොහෝ පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් තරඟයේ යෙදවූ අවසන් පන්දුවාර කිහිපය සාර්ථක නොවීම ගැන අදහස් දක්වා තිබූ බවයි මාලිංග සඳහන් කරන්නේ.

එම තරඟය නැරඹූ කෙනෙකු සහ අවසන් පන්දුවාර යැවූ අත්දැකීම් ඇති පන්දුයවන්නෙකු ලෙස ලෙස, එවැනි අවසන් අවස්ථාවක් පන්දු යවන්නෙකු තේරුම්ගන්නේ කොහොමද? ක්‍රීඩා පිටිය තුළ පවතින දුර ප්‍රමාණය සැලසුම් සඳහා භාවිත කරන්නේ කොහොමද? පන්දු යැවීම සඳහා තමාට ඇති හැකියාව නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? යන්න සහ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන තරඟයේදී කලින් සිදුවූ අඩුපාඩු මඟහරවා ගෙන නිවැරදිව පන්දු යැවිය යුත්තේ කොයි ආකාරයට ද යන්න පිලිබඳව තමන් අද පස්වරුවේදී අදහස් දැක්වීමට සූදානම් බව ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago