දේශීය

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ හිස් තැන් ගැන ලසිත් මාලිංග කියයි

2022 ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරඟයෙන් පරාජයට පත්වීම පිළිබඳව ප්‍රවීණ ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග අදහස් පළ කර සිටියා.

නොහිතපු ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරඟයෙන් පරාජයට පත්වීම පිළිබඳව තමා මෙන්ම මෙරට සියලු දෙනා කණගාටුවට පත්වූවත් එවැනි අනපේක්ෂිත අවස්ථාවන්ට ක්‍රිකට් ක්‍රීඩාව තුළදී මුහුණ දීමට සිදුවන බව ලසිත් මාලිංග පවසනවා.

ශ්‍රි ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර පැවති පළමු තරඟය පිළිබඳව අදහස් දැක්වූ බොහෝ පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් තරඟයේ යෙදවූ අවසන් පන්දුවාර කිහිපය සාර්ථක නොවීම ගැන අදහස් දක්වා තිබූ බවයි මාලිංග සඳහන් කරන්නේ.

එම තරඟය නැරඹූ කෙනෙකු සහ අවසන් පන්දුවාර යැවූ අත්දැකීම් ඇති පන්දුයවන්නෙකු ලෙස ලෙස, එවැනි අවසන් අවස්ථාවක් පන්දු යවන්නෙකු තේරුම්ගන්නේ කොහොමද? ක්‍රීඩා පිටිය තුළ පවතින දුර ප්‍රමාණය සැලසුම් සඳහා භාවිත කරන්නේ කොහොමද? පන්දු යැවීම සඳහා තමාට ඇති හැකියාව නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? යන්න සහ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන තරඟයේදී කලින් සිදුවූ අඩුපාඩු මඟහරවා ගෙන නිවැරදිව පන්දු යැවිය යුත්තේ කොයි ආකාරයට ද යන්න පිලිබඳව තමන් අද පස්වරුවේදී අදහස් දැක්වීමට සූදානම් බව ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

21 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago