Monday, July 20, 2026
Homeදේශීයඅධික වර්ෂාවත් සමඟ නිවසක් මතට පස් කන්ඳක් කඩා වැටෙයි (VIDEO)

අධික වර්ෂාවත් සමඟ නිවසක් මතට පස් කන්ඳක් කඩා වැටෙයි (VIDEO)

වරකාපොල කොස්වත්ත හන්දිය ආසන්නයේ, තුඹලියද්ද ප්‍රදේශයේදි ඊයේ (14) දෙමහල් නිවසක් මතට පස් කන්ඳක් කඩා වැටී තිබෙනවා.

දින කිහිපයක් පුරා ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පස්කන්ද නායයෑමට ලක් වී ඇති අතර අනතුර සිදුවන විට නිවස තුළ පුද්ගලයින් සිව් දෙනෙකු රැඳී සිට තිබෙනවා.

ඔවුන් මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශයන් එක්ව වහා ක්‍රියාත්මක වූ අතර නිවසේ රැදී සිටි අයගෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු ඒ මොහොතේදීම මුදාගෙන රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

READ:   සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්