මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් කිරීමට නියමිත බව දන්වමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුහුදුබඩ මාර්ගයේ, කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය ඉහළ සහ පාහළ ගමන් කරන දුම්රිය මාර්ග දෙක ඉතා දුර්වල තත්වය පවතින බැවින් එම මාර්ග යළි ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය රේල් පීලි ලැබෙන තුරු ඉහත ප්‍රදේශයන් අතර දුම්රිය ගමනාගමනය කළමණාකරණය කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාර්යාල සඳහා දුම්රියෙන් ගමන්ගන්නා මඟීන් ප්‍රමාණය දෙගුණයකින් වැඩිවීමත් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කළමණාකරනය කර ගැනීමට හේතුවක් වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඉහත කරුණු හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා සංශෝධනය කර ඇති නව දුම්රිය කාලසටහන, 2022 – 10 – 20 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අදාළ නිවේදනය පහතින්,



