දේශීය

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයෙන් ජය ශ්‍රී ලංකාවට

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (11) මෙල්බර්න්හිදී ආරම්භ වුණා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 54 ක්, වනිඳු හසරංග නොදැවී පන්දු 14 ක් තුළදී වේගවත් ලකුණු 37ක් ලබාගත්තා.

තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හබාගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දූවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලබාගැනීමට හැකිවූයේ ලකුණු 155ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් , චාමික කරුණාරත්න කඩුලු 2ක් වශයෙන් ලබා ගත්තා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති පළමු පුහුණු තරඟය ලකුණු 33කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago