DUBAI, UNITED ARAB EMIRATES - SEPTEMBER 11: Wanindu Hasaranga of Sri Lanka celebrates with team mates during the DP World Asia Cup Final match between Pakistan and Sri Lanka at Dubai International Stadium on September 11, 2022 in Dubai, United Arab Emirates. (Photo by Francois Nel/Getty Images)
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (11) මෙල්බර්න්හිදී ආරම්භ වුණා.
තරඟයේ කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 54 ක්, වනිඳු හසරංග නොදැවී පන්දු 14 ක් තුළදී වේගවත් ලකුණු 37ක් ලබාගත්තා.
තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හබාගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දූවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලබාගැනීමට හැකිවූයේ ලකුණු 155ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් , චාමික කරුණාරත්න කඩුලු 2ක් වශයෙන් ලබා ගත්තා.
ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති පළමු පුහුණු තරඟය ලකුණු 33කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…