ඉංග්‍රීසි භාෂාවට මූලිකත්වය ලබා දෙමින් ඉන්දියාව, ශක්තිමත් සමඟි ජාතියක් හැටියට ඉදිරියට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය පවසනවා.
ඉන්දියාව නැගී සිටීමට මව් භාෂාව කුමක් වුනත් ඉංග්‍රීසි භාෂාව සඳහා ලබා දුන් මූලිකත්වය වැදගත් වූ බව පවසන මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාව ඉංග්‍රීසි භාෂාව සඳහා ලබා දී තිබූ අවස්ථාව දේශපාලන උවමනාවන් මත වෙනස් කළ නිසා පුරවැසියාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව විනාශ වූ බව පෙන්වා දෙනවා.
තවදුරටත් ඊට අදහස් එකතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ප්‍රකාශ කර සිටියේ, මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයෙකු එකතු වීමේදී ඉංග්‍රීසි භාෂාව නොදැනීම නිසා ඔහු පසු බසින බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පැවැත් වූ ගම සමඟ පිලිසඳර වැඩසටහන තුළ දී, මෙරට ග්‍රාමීය ඉංග්‍රීසි ගුරුවරයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව රටම දැනගත් බව ඔහු පෙන්වා දෙනවා.
එනිසා මෙරට ඉංග්‍රීසි භාෂාව නඟා සිටුවීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස තමන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර සිටියා.


