Monday, September 14, 2026
Homeදේශීයදේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය, බදු ඉවතට

දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය, බදු ඉවතට

කාන්තාවන් සහ පාසැල් දැරියනට සනීපාරක්ෂක තුවා පහසුවෙන් ලබා දීම අරමුණු කරගෙන දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සඳහා යොදාගනු ලබන අනයනික අමුද්‍රව්‍ය 05 ක බදු බර ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ නිර්දේශය ලබා ගන්නා ආනයනික අමුද්‍රව්‍ය සඳහා මෙම බදු සහනය ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

මෙම බදු සහන ලබාදීමත් සමඟ දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා 10ක් සහිත පැකැට්ටුවක මිල රුපියල් 50 ක, 60 ක පමණින් මිල පහළ යන බවත් සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 260 -270ක් අතර විය හැකි බවත් ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

READ:   සරත් ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්