මුළුමනින්ම ඉන්ධන මත රඳාපවතින ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය භූමිතෙල් සහා ඩීසල් පහුගිය කාලය තුළදී සීමාසහිතව නිකුත්කළත් මේ වන විට ධීවරයන්ගේ ඉන්ධන ගැටලුව සමනය වන ප්‍රමාණයකට ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා.
බස්නාහිර,වයඹ සහ දකුණු පළාත් වල ධීවර කර්මාන්තය සහ මාදැල් ධීවර කර්මාන්තය ආරම්භ වී ඇති නිසා වෙළඳ පොළට ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ යමින් පවතින බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ.
මෙම තත්වය ලබන වසරේ අප්‍රේල් මුළ වන තෙක් පවතින බැවින් ඉදිරියේදී වෙළඳ පොළ තුළ මාළු මිළ ගණන් සාධාරණ මට්ටමකට අලෙවි කිරීමට හැකියාව ඇති බව එතුමා පවසනවා.
මෙරට තූළට මත්ස්‍ය ආනයනය සීමා කර, ආනයනික බදු අනුපාතිකයන් වැඩි කර මෙරට ධීවරයා ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා.
ධීවරයාට නව තාක්ෂණය හඳුන්වා දෙමින් සියලුම බහුදින යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා පද්ධති සවි කර ඇති බවත් යාත්‍රා 2000කට පමණ මෙම නව උපකරණ සවිකර අවසාන බවත් එතුමා පවසනවා.
පහසුවෙන් මත්ස්‍ය බිම් හදුන්වාදී ධීවරයාගේ වියදම අඩුකර, මත්ස්‍ය අස්වැන්න වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවයි රජයේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසා සිටියේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…