දේශීය

නවකවදය සම්බන්ධයෙන් පොලීසියේ මැදිහත් වීම – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව

විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවකවදය සම්බන්ධයෙන්, පොලිසිය සතු මැදිහත් වීමේ හැකියාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ඊයේ (26) රජයේ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වා සිටියා.

විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවකවදයට විරුද්ධව 1998 – අංක 20 දරණ නවක වද පනත සහ දණ්ඩනීති සංග්‍රහය තුළින් ක්‍රියාකිරීමේ හැකියාව පොලිසියට පවතින බව නිහාල් තල්දූව මහතා පවසනවා. එහෙත්, නවකවදය සම්බන්ධ සිද්ධීන් පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි නොලැබීමේ ගැටලුවක් පවතින බවයි නිහාල් තල්දූව මහතා පෙන්වා දෙන්නේ.


නවකවදය සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි ලැබෙන්නේ නම් විශ්වවිද්‍යාල බලධාරින් හා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව එතුමා ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් වර්තමානය වන විට නවකවදය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තවදුරටත් ක්‍රියාත්මක බවයි එතුමා පවසන්නේ.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවකවදය සම්බන්ධ සිදුවීමකදී අපරාධමය නීතිය යටතේ අපරාධකරුවන්ට දඩුවම් කරනවාට වඩා, විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ඇතිකරගත් කතිකාවතක් මගින් මෙම ගැටලුව වළක්වා ගැනීම වඩාත් ප්‍රයෝගික හා සාර්ථක විසඳුමක් බවයි පොලිස් අධිකාරීවරයා පෙන්වා දෙන්නේ.

නවකවදය සම්බන්ධ යම් සිදුවීමක් ගැන පොලීසිය වෙත පැමිණිලක් ලැබුනොත් ඒ පිළිබඳව නීතිමය වශයෙන් කටයුතු කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago