Tuesday, April 21, 2026
Homeදේශීයඅකුණු අනතුරු ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි

අකුණු අනතුරු ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි

අද (26) පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුර , උතුරු – මැද පළාත්වලත් ත්‍රීකුණාමලය, මාතලේ, පුත්තලම, මොණරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සිහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවෙන තාවකාලික සුළං සහ අකුණු මඟින් සිදුවෙන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   සිමෙන්ති කොට්ටයේ අඩුවෙන මිල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්