Saturday, July 25, 2026
Homeදේශීයගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට දුරකථනයෙන් තර්ජනය කළ බවට සැකපිට පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳට කිහිපවතාවක් තර්ජනය කර ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර විසින් කළ පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු වන බවයි වාර්තා වන්නේ.

READ:   සිතුවමෙන් සම්මාන ලැබූ වෛද්‍යවරිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්