
කුමන හෝ විරෝධතාවයක් පවත්වනවා නම් පැය 6 කට පෙර ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර පූර්ණ අවසරයක් ලබා ගත යුතු බව වැඩ බලන ආරකෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.
රට තුළ කැලබිලි සහගත තත්වයන් නිර්මාණය කරමින් ජන ජීවිතයට බාධා පමුණුවන ආකාරයේ උත්ඝොෂණ සහ විරෝධතාවයන් නීතියානුකූලව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරන බව ඔහු පවසනවා.
ජනතාව සතු විරෝධතා පළ කිරිමේ අයිතියට රජය ගෞරව කරන බවත් නමුත් කිසිදු උත්ඝොෂණයකින් සමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් නොවිය යුතු බවයි එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
යම් විරෝධතාවයක් පවත්වන්නේ නම් ආරක්ෂක අංශ වෙතින් පැය හයකට පෙර පූර්ණ අනුමැතියක් ලබා කිසිදු ගැටලුවකින් තොරව උත්ඝොෂණයන් පැවැත් විය හැකි බවත්, කෙසේවෙතත් රාජ්‍ය හා පෞද්ගලික දේපළ වලට සහ සමාන්‍ය ජන ජීවිතයට බලපෑම් සිදු කරන ආකාරයට පවත්වන විරෝධතාවයන් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.
ජනාධිපතිවරයා විසින් අධි ආරක්ෂක කලාප නම් කරණු ලැබුවේ ජනතාව සඳහා වන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


