
මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන පිරිස් සිටිනාවා යැයී කීම වැරදි නිගමනයන් මත සිදු කරන ප්‍රකාශයක් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කරනවා.
මෙරට මන්දපෝෂණ තත්වය ඉහළ යෑම පිළිබඳව මධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමෙන්
මන්දපෝෂණය යන වචනය හරි හැටි තේරුම් ගත යුතු බවයි, එතුමා පෙන්වා දෙන්නේ.
රටේ ගම් වල , පාළාත්වල මිනිස්සුන්ට කන්න බොන්නෑ..
මන්දපෝෂණ ඇතිවෙන්නැද්ද ?
යනුවෙන්,
මාධ්‍යවේදියා නැවතත් නැඟු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් මන්දපෝෂණය එලෙස විග්‍රහා කර ඇති ආකාරයට නම් ඉදිරියේදී මන්දපෝෂණ ඇතිවිය හැකි බවත්, එහෙත් එම නිර්වචනය වැරදි නිර්වචනයක් බවත් වෛද්‍යවරයා පවසනවා.
කන්න නැති එක සදාකාලික ප්‍රශ්නයක්ද? තවදුරටත් මේ තත්වය උග්‍ර වෙයිද? මිනිස්සු ලෝකයේ දැනට කකාද ඉන්නේ?
යන්න තේරම්ගැනීම මෙහිදී වැදගත් වන බවයි එතුමා පිළිතුරු ලබා දෙමින් පෙන්වා දෙන්නේ.
අරාබිය වැනි රටවලත් අද ජීවත්වෙන්න ආමාරු තත්වයක් උත්ගතව ඇති බවත් ඔවුන්ට ලැබෙන වැටුබට සාපේක්ෂව ආහාර මිල හොදටම ඉහළ ගොස් ඇති බවත් එතුමා පවසනවා.
ලෝකය සමඟ මෙරට මන්දපෝෂණය සංසන්දනය කර බැලුවොත්, මෙරට තියෙන්නේ ලෝකේ තියෙන ප්‍රශ්නයක් පමණක් බව එතුමා පවසනවා.
ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් ඉන්දියානු රුපියල් සීයයක් වන බවත් , එය මෙරට මුදලින් රුපියල් පන්සිය විසි ගානක් වන බවත්
එහෙත් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක වර්තමාන මිල රුපියල් හාරසිය ගනනක් පමණක් බවත් එතුමා පවසනවා. එහෙත් අපේ මිනිස්සු පෙට්‍රල් මිල වැඩි යැයි පවසන බවයි වෛද්‍යවරයා පවසන්නේ.
රැස්ව සිටින අයගෙන් කාටවත් මන්දපෝෂණය නැති බවත් මන්දපෝෂණය යනු ඌණ පෝෂණයක් බැවින්, මෙරට කුඩා දරුවන්ට යම් ප්‍රමාණයකින් මන්දපෝෂණය තිබ්බා උනත් මන්දපෝෂණය තීරණය කරනු ලබන්නේ උපත් බර කිලෝග්රෑම් 2.5ට අඩු වීම සමඟ සැසදීමෙන් නිසා, ශ්‍රී ලංකාව වැනි රටක දරුවන් උපතින්ම බර අඩුවීම සාමාන්‍ය දෙයක් බව එතුමා පවසනවා.
ගම්වල කන්න නැති උනා යැයි කීම වැරදි බවත්,
අද ලෝකයේ කොහෙද කෑමට ආහාර තියෙන්නේ.. ?? යැයි එතුමා ප්‍රශ්න කරනවා.
පරිප්පු මිල ලෝකේ සෑම රටකම පාහේ ඉහළ ගොස් ඇති බව පවසන එතුමා, ළිදේ ඉන්න ගෙම්බෝ වගේ කන්න නෑ.. කීම වැරදි සහගත බවයි අවධාරණය කර සිටින්නේ.


