දේශීය

විරෝධතා පවත්වනවා නම් පැය 6 කට පෙර පොලිස් අනුමැතිය ලබා ගත යුතුයි – වැඩබලන ආරක්ෂක අමාත්‍ය

කුමන හෝ විරෝධතාවයක් පවත්වනවා නම් පැය 6 කට පෙර ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර පූර්ණ අවසරයක් ලබා ගත යුතු බව වැඩ බලන ආරකෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

රට තුළ කැලබිලි සහගත තත්වයන් නිර්මාණය කරමින් ජන ජීවිතයට බාධා පමුණුවන ආකාරයේ උත්ඝොෂණ සහ විරෝධතාවයන් නීතියානුකූලව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරන බව ඔහු පවසනවා.


ජනතාව සතු විරෝධතා පළ කිරිමේ අයිතියට රජය ගෞරව කරන බවත් නමුත් කිසිදු උත්ඝොෂණයකින් සමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් නොවිය යුතු බවයි එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

යම් විරෝධතාවයක් පවත්වන්නේ නම් ආරක්ෂක අංශ වෙතින් පැය හයකට පෙර පූර්ණ අනුමැතියක් ලබා කිසිදු ගැටලුවකින් තොරව උත්ඝොෂණයන් පැවැත් විය හැකි බවත්, කෙසේවෙතත් රාජ්‍ය හා පෞද්ගලික දේපළ වලට සහ සමාන්‍ය ජන ජීවිතයට බලපෑම් සිදු කරන ආකාරයට පවත්වන විරෝධතාවයන් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

ජනාධිපතිවරයා විසින් අධි ආරක්ෂක කලාප නම් කරණු ලැබුවේ ජනතාව සඳහා වන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago