දේශීය

විරෝධතා පවත්වනවා නම් පැය 6 කට පෙර පොලිස් අනුමැතිය ලබා ගත යුතුයි – වැඩබලන ආරක්ෂක අමාත්‍ය

කුමන හෝ විරෝධතාවයක් පවත්වනවා නම් පැය 6 කට පෙර ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර පූර්ණ අවසරයක් ලබා ගත යුතු බව වැඩ බලන ආරකෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

රට තුළ කැලබිලි සහගත තත්වයන් නිර්මාණය කරමින් ජන ජීවිතයට බාධා පමුණුවන ආකාරයේ උත්ඝොෂණ සහ විරෝධතාවයන් නීතියානුකූලව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරන බව ඔහු පවසනවා.


ජනතාව සතු විරෝධතා පළ කිරිමේ අයිතියට රජය ගෞරව කරන බවත් නමුත් කිසිදු උත්ඝොෂණයකින් සමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් නොවිය යුතු බවයි එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

යම් විරෝධතාවයක් පවත්වන්නේ නම් ආරක්ෂක අංශ වෙතින් පැය හයකට පෙර පූර්ණ අනුමැතියක් ලබා කිසිදු ගැටලුවකින් තොරව උත්ඝොෂණයන් පැවැත් විය හැකි බවත්, කෙසේවෙතත් රාජ්‍ය හා පෞද්ගලික දේපළ වලට සහ සමාන්‍ය ජන ජීවිතයට බලපෑම් සිදු කරන ආකාරයට පවත්වන විරෝධතාවයන් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

ජනාධිපතිවරයා විසින් අධි ආරක්ෂක කලාප නම් කරණු ලැබුවේ ජනතාව සඳහා වන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

17 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

17 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago