දේශීය

බිරිඳගේ අත් බෑගය පසුපස ලුහුබැන්ද මාරයා ගම්පහදී සැමියා බිලි ගනී

  • බිරි­යගේ පියාත් බර­ප­තළ තුවාල ලබා රෝහලේ
  • යතුරුපැදියකින් පැමිණි යුවළ බැංකු සේවිකාවගේ බෑගය උදුරා ගන්න හදලා
  • වැළැක්වීමට ගිය සැමියාට පිහිපාර
  • සිද්ධිය තනිකරම චිත්‍රපට ජවනිකාවක්

යතුරුපැදියකින් පැමිණි යුවළක් ගම්පහ ජා-ඇළ පාරේ අකරවිටදී බැංකු සේවිකාවක වූ බිරියගේ අත් බෑගයක් කොල්ල කෑමට ගත් උත්සහයක් වැළැක්වීමට ගිය සැමියාට පිහියෙන් ඇන ඝාතනයකර තිබේ.

මිය ගිය සැමියාද බැංකු සේවකයෙකි.

එම ගැටුමෙන් බැංකු සේවිකාවගේ පියා ද බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අවාසනාවන්ත සිද්ධිය පෙරේදා (20) සවස 6.30ට සිදු වී තිබේ.

රසික විනෝද ප්‍රනාන්දුපුල්ලේ නැමැති අවුරුදු 30ක් වයසැති පුද්ගලයෙක් මෙසේ මිය ගොස් ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඔහු සේවය කර ඇත.

එම බැංකු සේවකයාගේ බිරිය සේවයේ නිරතව සිටින්නේ ගම්පහ පිහිටි බැංකුවකය. ඇය සේවය නිමවා අසල්වැසි කාන්තාවක් සමඟ කතාබහ කරමින් නිවස වෙත පාගමනින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි යුවළක් ඇගේ කරෙහි එල්ලාගෙන සිටි අත් බෑගය කොල්ලකා ඇතැයි පොලිසිය කියයි. සැකකරු යතුරුපැදිය පදවා ඇති අතර එහි පිටුපස සිටි කාන්තාව අත්බෑගය කොල්ලකා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

අත්බෑගය කොල්ලකන විට ඇය එය තදින් අල්ලා ගෙන සිටීම නිසා යතුරු පැදිය සමඟ එම යුවළ විසි වී ගොස් අසල පිහිටි ජලය පිරුණු කානුවකට ඇද වැටී ඇති බව පොලිසිය කියයි. එහිදී බැංකු සේවිකාවත් ඇය සමඟ සිටි කාන්තාවත් කෑගසා තිබේ. මෙම කොල්ලය සිදු වී ඇත්තේ බැංකු සේවිකාවගේ නිවස ආසන්නයේ එබැවින් ඇගේ කෑගැසීම් හඬට සැමියාත් පියාත් නිවසින් පිටතට දුවගෙන විත් තිබේ. ඒ වන විට කොල්ලකාර යුවළ සිට ඇත්තේ කානුවේ වැටී ගොඩ ඒමට නොහැකිවය. එහිදී බැංකු සේවිකාවගේ සැමියාත් පියාත් එක්ව මුලින්ම ගොඩට ගෙන ඇත්තේ කොල්ලකාර කාන්තාවය. අනතුරුව ඇයව සිය භාරයට ගෙන පොලිසියට මේ ගැන දැනුම්දීමට දුරකතන ඇමතුමක් ගැනීමට සූදානම් වන විට කොල්ලකරු ගොඩට පැමිණ බැංකු සේවිකාවගේ සැමියාටත් පියාටත් පිහියෙන් ඇන කාන්තාව මුදාගෙන අසල පිහිටි වෙල් යාය දිගේ දිව ගොස් තිබේ.

පිහි ඇනුම් කා බරපතළ තුවාල ලබා සිටි බැංකු සේවිකාවගේ සැමියාත් පියාත් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සැමියා මිය ගිය බව පොලිසිය පැවසීය.

කොල්ලකරුවන් කවුරුන්දැයි පැහැදිලිවම හඳුනාගෙන නැතත් ඔවුන් දිගින් දිගටම යතුරුපැදිවලින් ගොස් කොල්ලකෑම්වල නිරතවන කල්ලියක් බව අනාවරණය වෙමින් ඇතැයි ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගමගේ මහතා පැවසීය.

මෙම කොල්ලකාර යුවළ පලාගොස් ඇත්තේ පැමිණි යතුරු පැදිය අතහැර දමාය. එම යතුරුපැදිය ද සොරා ගත් එකක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. යතුරු පැදිය සමඟ බැංකු සේවිකාවගේ අත්බෑගයට අමතරව තවත් අත් බෑග් දෙකක් බිම වැටී තිබී පොලිසියට හමු වී ඇත. ඒ ගැන කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඒ එක් අත්බෑගයක් වැලිවේරියත් යක්කලත් අතර දී මාර්ගයේ ගමන් කරමින් සිටි ප්‍රාදේශීය සභා සේවිකාවකගෙන් ද අනෙක් අත් බෑගය මීගහවත්තේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගෙන් ද එදිනම කොල්ලකා ඇති බවය.

මෙම කොල්ලකෑම් ආරක්ෂක කැමරාවලද සටහන්ව ඇති බැවින් ඒ ඔස්සේ කොල්කාර යුවළ හඳුනා ගනිමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

පින්තූර – ටෝනි කරුණානායක ගම්පහ සමූහ

ගයාන් කුමාර වීරසිංහ සහ ටෝනි කරුණානායක ගම්පහ සමූහ

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

14 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

14 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago