දේශීය

ලංකාවේ ජයග්‍රහණය සැමරීමට අවිආයුධ අතැතිව නර්තනය යෙදුනු තලෛබාන් සටන්කාමීන් ? (Video)

මුල් ලිපිය Fact Crescendo Sri Lanka කරුණු පරීක්ෂක කණ්ඩායම ඇසුරෙනි https://srilanka.factcrescendo.com/

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාව ලැබූ විජයග්‍රහණය මෙරට ක්‍රීඩා ලෝලීන් සමරද්දී , ප්‍රධාන මාධ්‍ය මෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වූයේ, තලෛබාන් සටන්කාමීන්ද, ස්වයංක්‍රීය අවිආයුධ ද අතැතිව ලංකාව ලැබූ ජයග්‍රහණය සැමරූ බවටයි. 

සත්‍ය වශයෙන්ම එලෙස තලෛබාන්වරු මෙම ජයග්‍රහණය සැමරුවාද? මේ, ඒ පිළිබඳ Fact Crescendo අප කළ කරුණු විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන :

“ආසියානු කුසලානය දිනූ සිංහයන්ට දසතින් සුබ පැතුම් ඇෆ්ගනිස්ථානයේදීත් ජය සමරයි” යනුවෙන් සඳහන් කරමින් ඇෆ්ගනිස්ථානයේ තලෛබාන් සටන් කාමීන් ද, ස්වයංක්‍රීය අවිආයුධ අතැතිව මෙරට ලැබූ ජයග්‍රහණය සමරමින් නර්ථනයක එක්ව සිටි බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වුණා.

මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් 8500ටත් වැඩි පිරිසක් ඉතා කෙටි කාලයක දී හුවමාරු කරගෙන තිබුණා.

කෙසේවෙතත් මෙම වීඩියෝවේ දැක්වෙන ලෙස සත්‍ය වශයෙන්ම තලෛබාන් සටන්කාමීන් ශ්‍රී ලංකා ජයග්‍රහණය උදෙසා මෙලෙසින් නර්ථනයක් ඉදිරිපත් කරාද යන්න පිළිබඳව අපගෙන් කළ විමසීම් හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප ප්‍රථමයෙන්ම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව විකාශය වූ ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, ඉහත වීඩියෝව ඊයේ(සැප්තැම්බර් 12) දින Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතුරදී මෙලෙසින් තලෛබාන් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සමරමින් නර්තනය යෙදුණු බවට දක්වා තිබු බවයි.

එහෙත් ඔවුන් මේ වන විට ඔවුන්ගේ YouTube නාලිකාවේ එම ප්‍රවෘත්ති විකාශයේ වීඩියෝවෙන් ද,  ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ ද, ඉහත වීඩියෝව ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉහත තේමාව ඔස්සේ තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ, එම වීඩියෝව සංසරණය වීම හේතුවෙන් Invid-We Verify ඔස්සේ එම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් වෙත යොමු කරනු ලැබුවා.

2021 වසරේ පකිස්ථානයේ මංගල උත්සවයක දී ලබාගත් දර්ශන පෙළක්!

අපට දැක ගන්නට ලැබුණේ, 2021 අප්‍රේල් 10 වන දින Qaiser Khan Vlog නම් YouTube නාලිකාවකට ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශන පෙළ එක් කර ඇති බවත්, එම වීඩියෝ පටයේ සිරස්තලයේ සහ විස්තරයේ සඳහන් කර ඇත්තේ එය මංගල උත්සවයකදී Pathan නමැති නැටුම් වර්ගයේ (මෙම නැටුම් වර්ගය Khatak Dance ලෙසත් හැඳින්වෙන අතර කඩු සහිතව ඉදිරිපත් කරන පතාන් නැටුම මෙහිදී පිළිඹිමු කර තිබේ) නියෙලෙන අයුරු බවත්, එම අවස්ථාව විනෝදාත්මක බවත්ය. එම වීඩියෝව පහතින්.

එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඉහත වීඩියෝවල සිරස්තලවල පාකිස්තානයේ දිස්ත්‍රික්කයක නමක් වන ‘Bannu’ යනුවෙන් සඳහන් වී ඇති බවත් අපට පෙනී ගිය අතර එය විවාහ මංග්‍යයක් බවත් එම ඩීඩියෝවල සිරස්තලවලින් දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

මෙම වීඩියෝව මීට පෙර 2021 වසරේ දී තලෛබාන් සටන්කාමීන් විසින් කාබුල් නුවර අත්පත් කරගත් අවධියේ ද හුවමාරු වී තිබූ අතර අප Factcrescendo ඉන්දියානු කණ්ඩායම් මේ පිළිබඳව සවිස්තරාත්මක ගවේෂණයක් සිදුකර තිබුණා.

එහිදී එම වීඩියෝවේ නිල් පැහැති ඇඳුමින් සැරසී නර්ථනයේ යෙදෙන පුද්ගලයා වූ Wahab Pukhtoon නමැති පාකිස්ථානු ජාතිකයා සම්බන්ධ කර ගැනීමට අප ඉන්දීය FactCrescendo කණ්ඩායමට හැකිවුණා. ඔහු පවසා තිබුනේ 2021 මාර්තු 19 වන දින පාකිස්ථානයේ Sarwar Kitki ගම්මානයේ ඔහුගේ මිතුරෙකු වන රෆීඩ් උල්ලා ඛාන්ගේ විවාහ මංගල්‍යයට ගිය බවත් එහිදී තමන් නර්ථනයේ යෙදෙන අයුරු යමෙකු මෙසේ පටිගත කර ඇති බවත්ය.

වහාබ් පැවසුවේ, ඔහු පාකිස්තානයේ දකුණු කයිබර් Pakhtunkhwa හි බන්නු දිස්ත්‍රික්කයේ ජීවත් වන බවයි.

එසේම 2021 වසරේ දී කාබුල් නගරයට ඇතුල්වන Maidan නගරය අත්පත් කරගැනීමෙන් පසුව නර්තනයේ යෙදෙන තලෛබාන් වරු ලෙස ඇතැම් ඉන්දීය මාධ්‍ය ඉහත වීඩියෝ දර්ශන පෙළ හුවමාරු කරගැනීම පිළිබඳව පකිස්ථාන මාධ්‍යවේදීයෙකු වන Iftikhar Firdous විසින් ඔහුගේ නිල Twitter ගිණුමේ සටහනක් පළකරනමින් අදහස් දක්වා තිබුනේ මේ ආකාරයේ අසත්‍ය පුවත් වාර්තාකරණය පුදුම සහගත බවයි.

ඒ අනුව, වීඩියෝව ඇෆ්ගනිස්ථානයට සම්බන්ධ හෝ තලෛබාන් සටහන් කාමීන් සම්බන්ධ වීඩියෝවක් නොවන බව පැහැදිලි වේ.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් පසු ඇෆ්ගන් වැසියන් සතුට සමරු අයුරු

කෙසේ වෙතත් ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ දී පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ලෝලීන් සැමරා තිබු ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙලෙසින්

👉 https://fb.watch/fx9lI9Ofus/

එමෙන්ම Fact Crescendo අප ඇෆ්ගන් කණ්ඩායමද, මේ පිළිබඳව තහවුරු කරනු ලැබුවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ලෝලීන් කාබුල් සහ කෝස්ට්හි වීදි බැස සිංදු කියමින්, නටමින් රතිඤ්ඤා දමමින් සිය සතුට සමරා තිබූ අතර පකිස්තානයේ අසීෆ් අලි සහ ඇෆ්ගනිස්තානයේ ෆරීඩ් අහමඩ් ක්‍රීඩා පිටියේදී ඇති වූ ගැටීම ද මීට මෑතක දී මුල් වූ කරුණක් ලෙස ද බොහෝ දෙනෙක් පවසා තිබුණා.

එම ගැටුම සිදුවූ සුපිරි හතර දෙනාගේ වටයේ තියුණු තරඟය, පකිස්ථානය විසින් ජයගත් අතර ඉන්පසුව ඇෆ්ගනිස්ථාන සහ පකිස්ථාන ක්‍රීඩා ලෝලීන් අතර සාජා ක්‍රීඩාංගණයේ කලහකාරී තත්ත්වයක් නිර්මාණය වී ඔවුන් අතර සිදුවූ ගැටුම් දැක්වෙන දර්ශන ද මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව සතුට සමරපු ඇෆ්ගනිස්ථානයේ තලෛබාන් සටන්කාමීන් යනුවෙන් සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව නොමග යවන සුළු බවයි. 

එම වීඩියෝවේ දැක්වෙන්නේ, තලෛබාන්වරු ලංකාව ලැබූ ජයග්‍රහණ‍ය සැමරීමක් නොව, 2021 මාර්තු මස පාකිස්ථානයේ ගමක පැවති විවාහ මංගල උත්සවයකදී “පතන්” නමැති නර්ථනයේ යෙදෙන පිරිසකි. 

නමුත් සත්‍ය වශයෙන්ම ඇෆ්ගන්ස්ථාන පුරවැසියෝ ද ශ්‍රී ලංකාව ලැබූ ආසියානු කුසලාන ජයග්‍රහණය සමරා තිබුණි.

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

2 days ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

4 days ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

1 week ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

3 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

3 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

3 weeks ago