Saturday, April 18, 2026
Homeදේශීයඋසස් පෙළ විභාගය කල් දමන්න - විමල් වීරවංශ

උසස් පෙළ විභාගය කල් දමන්න – විමල් වීරවංශ

2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත උත්තර ලංකා සභාගයේ සභාපති හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

2022 අපොස(උසස් පෙළ) විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි අදාළ ලිපිය මඟින් ඔහු පෙන්වාදී ඇත්තේ.

2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී 78% ක පමණ සිසු පිරිසක් මෙවර විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමන ලෙස ඉල්ලා ඇති බවත් ඒ අනුව 2022 අපොස(උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට සාධාරණ කාලයක් ලබා දීමට පියවර ගන්නා ලෙසත් යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.

READ:   'ඇඩ්‍රස් නෑ චිත්‍රපටියේ' ගීතයකට සන්තුෂ්ට ඇඩ්‍රස් නැතිවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්