Saturday, April 18, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගේ සුබ පැතුම්..!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගේ සුබ පැතුම්..!

2022 ආසියානු විස්සයි විස්ස කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සබ පැතුම් එක්කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් තරඟාවලියේ පකිස්තානයට එරෙහිව අවසන් මහා තරඟයෙන් වාර්තාගත විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරට කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්ත්වය හමුවේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදු කැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල දෙවන පරපුරට ද මහඟු ආදර්ශයක් බව සඳහන් කරන ජනාධිපතිවරයා මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුදෙනා වෙත හෘදයාංගම ස්තූතිය පිරිනමන බව සඳහන් කරනවා.

READ:   වසර 14කට පසු මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්