දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගේ සුබ පැතුම්..!

2022 ආසියානු විස්සයි විස්ස කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සබ පැතුම් එක්කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් තරඟාවලියේ පකිස්තානයට එරෙහිව අවසන් මහා තරඟයෙන් වාර්තාගත විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරට කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්ත්වය හමුවේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදු කැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල දෙවන පරපුරට ද මහඟු ආදර්ශයක් බව සඳහන් කරන ජනාධිපතිවරයා මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුදෙනා වෙත හෘදයාංගම ස්තූතිය පිරිනමන බව සඳහන් කරනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago