Friday, October 9, 2026
Homeදේශීයරාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කිරීමට උපදෙස්

රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කිරීමට උපදෙස්

බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබෙනවා.

ජනපතිගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නෙ විසින් මේ බව නිවේදනය කර සිටියා.

බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජින 1952-1972 කාලය තුළ ශ්‍රී ලංකාවේ අග රැජින වශයෙන් කටයුතු කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් වල ප්‍රදානී තනතුර දරණු ලැබුවේ ද දෙවන එලිසබෙත් රැජින විසිනි.

READ:   ඩෙංගු වසන්ගතය භයානකයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්