දේශීය

පාකිස්තානය පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරඟය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද (09) පැවැත් වුණා.

කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 121 ලබා ගත්තා.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 30 ක්, Fakhar Zaman හා Iftikhar Ahmed ලකුණු 13 ක්, Mohammad Rizwan ලකුණු 14 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3 ක් සහ මහේෂ් තීක්ෂණ සහ ප්‍රමෝද් මධුශාන් කඩුලු 2 බැගින් ලබාගත්තා.

ලකුණු 122 ක ජයග්‍රහී ඉලක්කයක් හබායෑමට පිටියට පැමිණී ශ්‍රී ලංකා කණ්ඩායම 17 වන පන්දු වාරය තුළ දී කඩුලු 5 ක් අතැතිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 55 ක්, (නොදැවී)

භානුක රාජපක්ෂ ලකුණු 24 ක්

නායක දසුන් ශානක ලකුණු 21 ක්

වශයෙන් ලබාගත්තා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

16 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago