ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරඟය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද (09) පැවැත් වුණා.
කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 121 ලබා ගත්තා.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 30 ක්, Fakhar Zaman හා Iftikhar Ahmed ලකුණු 13 ක්, Mohammad Rizwan ලකුණු 14 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3 ක් සහ මහේෂ් තීක්ෂණ සහ ප්‍රමෝද් මධුශාන් කඩුලු 2 බැගින් ලබාගත්තා.
ලකුණු 122 ක ජයග්‍රහී ඉලක්කයක් හබායෑමට පිටියට පැමිණී ශ්‍රී ලංකා කණ්ඩායම 17 වන පන්දු වාරය තුළ දී කඩුලු 5 ක් අතැතිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 55 ක්, (නොදැවී)
භානුක රාජපක්ෂ ලකුණු 24 ක්
නායක දසුන් ශානක ලකුණු 21 ක්
වශයෙන් ලබාගත්තා.






