ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් කඩුලු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.
ඉන්දියනු කණ්ඩායම වෙනුවෙන් Rohit Sharma ලකුණු 72 , Suryakumar yadav ලකුණු 34ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්ෂාන් මුදුෂංක කඩුලු 3 ක් , දසුන් ශානක සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී 19 වන පන්දු ඕවරයේදී සිය ඉලක්කය පසුකර යමින් තරඟයේ ජයග්‍රාහණය වාර්තා කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් , පැතුම් නිස්සංක ලකුණු ලකුණු 52 ක් , දසුන් ශානක ලකුණු 33 ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…