ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් කඩුලු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.
ඉන්දියනු කණ්ඩායම වෙනුවෙන් Rohit Sharma ලකුණු 72 , Suryakumar yadav ලකුණු 34ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්ෂාන් මුදුෂංක කඩුලු 3 ක් , දසුන් ශානක සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී 19 වන පන්දු ඕවරයේදී සිය ඉලක්කය පසුකර යමින් තරඟයේ ජයග්‍රාහණය වාර්තා කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් , පැතුම් නිස්සංක ලකුණු ලකුණු 52 ක් , දසුන් ශානක ලකුණු 33 ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…