Monday, April 20, 2026
Homeක්‍රීඩාඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් කඩුලු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

ඉන්දියනු කණ්ඩායම වෙනුවෙන් Rohit Sharma ලකුණු 72 , Suryakumar yadav ලකුණු 34ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්ෂාන් මුදුෂංක කඩුලු 3 ක් , දසුන් ශානක සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී 19 වන පන්දු ඕවරයේදී සිය ඉලක්කය පසුකර යමින් තරඟයේ ජයග්‍රාහණය වාර්තා කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් , පැතුම් නිස්සංක ලකුණු ලකුණු 52 ක් , දසුන් ශානක ලකුණු 33 ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා.

READ:   ශ්‍රී ලංකා බංගලි සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්