Thursday, July 23, 2026
Homeදේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

අද (03) කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා උදෑසන 08.00 සිට හෙට (04) අලුයම 02.00 දක්වා ජලය සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

READ:   විභාගයෙන් A- 9 ක් ගත් සිසුවාට ගිනි තබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්