ජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් එය ලේ වැගිරීමක් දක්වා වර්ධනය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අධි උද්ධමනයකට යෑමට නොදි රටේ ආර්ථිකය පාලනය කළ යුතු බවයි එතුමා පාර්ලිමේන්තුවේ පැවති සම්මන්ත්‍රණයක එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.
මේ අවුරුද්ද අවසානය දක්වා දැනට පවතින අසීරු තත්ත්වය පැවතිය හැකි බවත්, ඉන්ධන, විදුලිය හා ජල ගාස්තු කාලයක් තිස්සේ වැඩි නොකිරීම නිසා, වැඩි නොකර සිටීමට බැරි තත්ත්වයකට පැමිණි පසු දැන් එකවර එය වැඩි කිරීමට සිදුව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මේ සියලු ආර්ථීක තත්ත්වයන් තුළ වැඩි බලපෑමට ලක්වන්නේ අඩු ආදායම් ලාභීන් බවත්, ජීවත්වීමේ අර්බුදයක් පැමිණිය හොත් ජනතාව පාරට බසින බවත්, තවමත් එවැනි රැල්ලක් ඇතිවී නොමැති අතර මීළඟ රැල්ල ලෙස අඩු ආදායම් ලාභීන් ජීවත්වීමේ අර්බුදය හමුවේ පාරට බැසීමක් සිදුවුවහොත්, එය ලේ වැගිරීමකින් කෙළවර වන බවත් එය කිසිවෙකුට පාලනය කළ නොහැකි බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…