දේශීය

ජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් ලේ වැගිරීම් ද ඇති විය හැකියි – මහ බැංකු අධිපති

ජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් එය ලේ වැගිරීමක් දක්වා වර්ධනය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අධි උද්ධමනයකට යෑමට නොදි රටේ ආර්ථිකය පාලනය කළ යුතු බවයි එතුමා පාර්ලිමේන්තුවේ පැවති සම්මන්ත්‍රණයක එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

මේ අවුරුද්ද අවසානය දක්වා දැනට පවතින අසීරු තත්ත්වය පැවතිය හැකි බවත්, ඉන්ධන, විදුලිය හා ජල ගාස්තු කාලයක් තිස්සේ වැඩි නොකිරීම නිසා, වැඩි නොකර සිටීමට බැරි තත්ත්වයකට පැමිණි පසු දැන් එකවර එය වැඩි කිරීමට සිදුව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ සියලු ආර්ථීක තත්ත්වයන් තුළ වැඩි බලපෑමට ලක්වන්නේ අඩු ආදායම් ලාභීන් බවත්, ජීවත්වීමේ අර්බුදයක් පැමිණිය හොත් ජනතාව පාරට බසින බවත්, තවමත් එවැනි රැල්ලක් ඇතිවී නොමැති අතර මීළඟ රැල්ල ලෙස අඩු ආදායම් ලාභීන් ජීවත්වීමේ අර්බුදය හමුවේ පාරට බැසීමක් සිදුවුවහොත්, එය ලේ වැගිරීමකින් කෙළවර වන බවත් එය කිසිවෙකුට පාලනය කළ නොහැකි බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago