ඉකුත් අප්‍රේල් මාසයේදී ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව තිබූ බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරි වසර කිහිපයේදී ඒ ආකාරයෙන් නිවැරදිව ක්‍රියාත්මක නොකළහොත් රට යළිත් දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වෙන බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.
2019 වසරේදී කළ බදු කප්පාදුව සහ ණය ගෙවීම සඳහා විශාල වශයෙන් මුදල් අච්චුගැසීම වර්තමාන ආර්ථික අර්බුදයට බළපෑ බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවා.
වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කර සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…