Friday, April 24, 2026
Homeදේශීයදවසේ කාලගුණය

දවසේ කාලගුණය

තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතින බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවත් කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

READ:   හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ රෝහලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්