Thursday, July 30, 2026
Homeදේශීයදවසේ කාලගුණය

දවසේ කාලගුණය

අද (31) බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවත් පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එනිසා දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

READ:   ප්‍රබල භූ කම්පනයක් හටගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්