දේශීය

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 5 සිට

2021 සහ 2022 අධ්‍යයන වර්ෂයන්ට ආදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.

ඒ අනුව සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට සිය අයදුම්පත් සැප්තැම්බර් 23 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි වනවා.

සිසුන් 42,519 කට වඩා වැඩි පිරිසක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත් අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේදී යම් ගැටලුවක් ඇතිවුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සමඟ 1919 ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කර සිටියා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago