දේශීය

IMF සාකච්ඡා සඳහා සහය දක්වනවා – ඇමෙරිකානු තානාපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකෙරෙන සාකච්ඡා සඳහා තවදුරටත් සහය දැක්විය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.

ශ්‍රි ලංකාව සහ ඇමරිකාව අතර සහයෝගීතාව වර්ධනය සඳහා ඇමෙරිකා – ශ්‍රී ලංකා කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව ජූලි චන්ග් ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

අමෙරිකාවට භාණ්ඩ අපනයනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍යාධාර සැපයීම, ගොවීන්ට බීජ වර්ග, පොහොර ලබාදීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුහුණුව සැපයීම සහ අධ්‍යාපනික හුවමාරු වැනි වැඩසටහන් සඳහා සහාය දෙගුණ කිරීමට අමෙරිකාවට හැකියාව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.


මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ අමෙරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම නිසා උපකාර ලැබෙන බවයි ඇය පෙන්වා දෙන්නේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago