ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකෙරෙන සාකච්ඡා සඳහා තවදුරටත් සහය දැක්විය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.
ශ්‍රි ලංකාව සහ ඇමරිකාව අතර සහයෝගීතාව වර්ධනය සඳහා ඇමෙරිකා – ශ්‍රී ලංකා කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව ජූලි චන්ග් ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.
අමෙරිකාවට භාණ්ඩ අපනයනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍යාධාර සැපයීම, ගොවීන්ට බීජ වර්ග, පොහොර ලබාදීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුහුණුව සැපයීම සහ අධ්‍යාපනික හුවමාරු වැනි වැඩසටහන් සඳහා සහාය දෙගුණ කිරීමට අමෙරිකාවට හැකියාව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ අමෙරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම නිසා උපකාර ලැබෙන බවයි ඇය පෙන්වා දෙන්නේ.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…