Tuesday, July 21, 2026
Homeක්‍රීඩාපාකිස්තානය හමුවේ ඉන්දියාවට කඩුලු 5 ක ජයක්

පාකිස්තානය හමුවේ ඉන්දියාවට කඩුලු 5 ක ජයක්

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය ඊයේ පැවැත්වුණා. එහිදි පාකිස්තානය පරදවා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළා.

පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 147 ක්.

නායක බාබර් අසාම් හා ෆකාර් සමාන් ලකුණු 10 බැගින් රැස් කළ අතර ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 28 ක්, මොහමඩ් රිස්වාන් ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් ලකුණු 26 කට කඩුලු 4ක් බිද හෙලූ අතර, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී රෝහිට් ෂර්මා ලකුණු 12 ක්, විරාට් කෝලි ලකුණු 35 ක්, සූර්යකුමාර් යාදව් ලකුණු 18 ක් , රවීන්ද්‍ර ජඩේජා ලකුණු 35 ක් සහ හර්ඩික් පාන්ඩ්යා ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා.

තරඟයේ වීරයා බවට පත්වූයේ පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දැක්වූ ඉන්දීය කණ්ඩායමේ හර්ඩික් පාන්ඩ්යායි.

READ:   චමරි අතපත්තු අංක එකට පැමිණෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්