Thursday, June 4, 2026
Homeදේශීයඅන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස ගැන පොලිස්පතිගෙන් පොලීසියට උපදෙසක්

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස ගැන පොලිස්පතිගෙන් පොලීසියට උපදෙසක්

අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත් ඒ පිළිබඳ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වන විටත් ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බවත් එහිදි ඔවුන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මැදිහත්වී ඇතිද යන්න සහ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සම්බන්ධතාවයක් පවතිනවාද යන්න සොයා බලා එවැනි සම්බන්ධතාවයක් ගැන කරුණු අනාවරණය වුවහොත් ඔවුන් පිළිබඳව පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදුන් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියා.

READ:   පෑලියගොඩ නිවසක හදිසි ගින්නක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්